අනතුරට පත් MV X-Press Pearl නෞකාව පිළිබඳ වත්මන් තත්වය පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පරිශ්‍රයේ අද(28 දා) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ එක්දින ධීවර යාත්‍රාවලට ධිවර කටයුතු කිරීම තහනම් කර ඇති හෙයින් ඔවුන්ට අහිමිවන දෛනික ආදායම වෙනුවෙන් දීමනාවක් ලබා දීමට රජය යම් සාකච්ඡාවක නිරත වන බවත්, මේ වන විට ගණන් බලා ඇති පරිදි එක්දින ධිවර කටයුතු කරන යාත්‍රා 5600ක් පමණ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති බවත්ය.
ධිවර ප්‍රජාවට අමතරව ධිවර කර්මාන්තයට සම්බන්ධ විවිධ වෘත්තීන්වල නිරතව සිටින පුද්ගලයන්ටද මෙම සිදුවීම මගින් දෛනික ආදායම නැතිවී ඇති බැවින් ඔවුන් වෙනුවෙන්ද දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවත්, මේ සඳහා ධිවර අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ මෙම සිදුවීම හරහා මත්ස පරිභෝජනයට පාරිභෝගිකයන් නොපෙළඹීම හේතුවෙන් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ධිවරයන් ගෙන එන මත්ස්‍ය අස්වැන්න අපතේ යාමට නොදී ධීවර සංස්ථාව ඍජුවම මෙම අස්වැන්න මිළදී ගන්නා බවත්, ධීවරයන් මෙන්ම පාරිභෝගිකයන්ද බිය වියයුතු නොමැති බවත්ය.
කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම ධීවර කටයුතු තහනම ගැඹුරු මුහුදේ ධිවර කටයුතුවල නිරතවන බහුදින ධිවර යාත්‍රා සම්බන්ධයෙන් බලපෑමක් නොමැති බවයි.