පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    නෞකාවෙන් සිදු වු පාරිසරික බලපෑම සම්බන්ධයෙන් අතරමැදි හානි පුර්ණ වන්දියක් ලබා ගැනීමට පියවර

    මැයි 28, 2021

    MV X - press pearl නෞකාවෙන් සිදු වු පාරිසරික බලපෑම සම්බන්ධයෙන් මේ වන විටත් පුර්ණ හානි ගණනය කරමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් අතරමැදි හානි පුර්ණ වන්දියක් ලබා ගැනීමට කටයුතු කරන බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසයි.

    අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරිය මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු සභාපතිවරිය පැවසුවේ, මෙවැනි ව්‍යාසනයක දී ජාත්‍යන්තර තීරණවලට යමින් මේ සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් ඇති බවත්, එසේම වැලි සාම්පල්, පස් සාම්පල්,එකතු කරමින් මේ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරමින් සිටින බවත් කීය.

    එසේම කිසිවෙකුගේ හෝ යම්කිසි පාර්ශවයක් මඟින් යම් නොසැළකිල්ලක් සිදු ව ඇත්නම් අදාළ පාර්ශවයන්ට එරෙහිව පියවර ගැනීමට වරාය පොලිසියට පැමිණිල්ලක් සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya