අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම හා කොවිඩ් සංචරණ සීමා තත්වය යටතේ ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (28දින) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති කොවිඩ් උපමාන මෙම මස 31න් අවසන් වන්නේ ද යන්නත් ඉන්පසු ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නත් මාධ්‍ය කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ දක්වා ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ක්‍රියාත්මක උපමාන මෙම මස 31න් අවසන් නොවන අතර එහි සඳහන් වගන්ති සෑම එකක්ම ලබන මස 07 වැනිදා දක්වා වන සංචරණ සීමා සහ අනෙකුත් කොවිඩ් නිරෝධායන නීති සඳහා වලංගු බවයි.
ඒ අනුව මත්පැන් විකිනීමේ ස්ථාන, ආපනශාලා, රාත්‍රී සමාජශාලා, කායවර්ධන ජිම් මෙන්ම සම්බාහන මධ්‍යස්ථාන වැනි දේ ජුනි 07 වනදා වන තෙක් කිසිඳු අයුරකින් විවෘත නොවන බවත්, කඩ සාප්පු සම්බන්ධයෙන්ද පසුගිය උපමානයන් අදාළ වන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ ගෘහස්ත ඩිලිවරි සම්බන්ධයෙන් විශාල සැළකිල්ලක් දක්වන බවත්, ක්‍රමවත්ව අවසර ලබාගෙන ඩිලිවරි කිරීම සඳහා දිරිමත් කිරීමට අදාළ සහාය ලබාදෙන බවත්ය.
මීට අමතරව එන්නත්කරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එන්නත්කරණය සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අංශ විසින් ඉතා විධිමත් ක්‍රමවේදයකට බවත්, ආරක්ෂක අංශ එයට සහය දක්වන බවත්, එවැනි ස්ථානවලට ගොස් බාධා කිරීම් සිදු කිරීම හෝ බලය පාවිච්චි කර එම ක්‍රමවේදය වෙනස් කිරීමට කටයුතු නොකළ යුතු බවත්ය.