පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ජනතාවගේ අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වේ යැයි ගැටලුවක් ඇතිකරගතයුතු නෑ - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

    මැයි 28, 2021

    ජනතාවගේ විශේෂ අවශ්‍යතාවයකදී එය ඉටුකරගැනීමට වන ආයතන විවෘත කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයාට බලය ලබා දී ඇති බවත්, දේශගුණික තත්වයත් සමඟ ඇතිවන අවශ්‍යතා හා ගැටලු සඳහා අවශ්‍ය හාඩ්වෙයාර් වැනි ස්ථාන විවෘත කිරීමට ප්‍රාදේශිය ලේකම්වරයාට හැකියාව තිබෙන බවත්, ජනතාවගේ අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වේ යැයි ගැටලුවක් ඇතිකරගතයුතු නොමැති බවත්, මහාමාර්ග අමාත්‍ය  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම හා කොවිඩ් සංචරණ සීමා තත්වය යටතේ ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(28දින) පැවති මාධ්‍ය හමුවකදී ජනතා අවශ්‍යතා සඳහා අවශ්‍ය ආයතන හදිසි තත්වයකදී විවෘත කිරීම සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය පිළිබඳව මාධ්‍ය කළ විමසුමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී වැටුප් ලබාගැනීමට පෞද්ගලික අංශයේ මෙන්ම රජයේ සේවකයන්ටද මෙම කොවිඩ් සීමා යටතේ නොහැකිවීම හා එම නිසා අත්‍යාවශ්‍ය භාන්ඩ මිළදී ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ රජය ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවත් නුදුරේදීම ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබාදීමට කටයුතු කරන බවත්ය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් කිසිඳු ගැටලුවක් ඇති නොවන පරිදි දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාත්මක කරන බවත්, එය මෙම මස 30 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවත්ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya