අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම හා කොවිඩ් සංචරණ සීමා තත්වය යටතේ ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (28දින) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ අඩු ආදායම්ලාභී ජනතාවට මෙන්ම විවිධ දීමනා ඉල්ලුම් කළ කණ්ඩායම් වෙනුවෙන් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට, පවතින තත්ත්වය තුළ සිය ආදායම් මාර්ග අහිමි වූ පිරිසට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට රජ තීන්දු කර ඇති බවත්, පළමුවෙන්ම සමෘද්ධි ප්‍රතිලාභීන් වෙත එම දීමනාව ලබාදී ඉන් පසුව හැකි ඉක්මනින් සියලු දෙනා වෙත දීමනාව ලබා දීමට කටයුතු කරන බවත්ය.
ඒ අනුව පවුල් ලක්ෂ හැට පහකට ආසන්න ප්‍රමාණයකට මෙම දීමනාව ලබාදීමට නියමිත බවත්, මූලික වශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් රජයෙන් වෙන් කර ඇති බවත්,අමාත්‍යවරයා පැවසීය.