මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ එකවර නිලධාරීන් පනස් දෙනෙකුට ප්‍රතිකාර ලබා ගැනීමට හැකි අතර බන්ධනාගාර නිලධාරීන් සමඟ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ද කොවිඩ් 19 වයිරස ආසාදිතයින් බවට පත්වුවහොත් සියලුම සාමාජිකයින්ට පහසුකම් සහිතව ප්‍රතිකාර ලබා දීමට හැකි වන පරිදි නිවාස හයක්ද සකස් කර ඇත.
චන්දන මහතා තවදුරටත් පැවසූවේ මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍යවරයකු යොදවා ඇති බවත් අවශ්‍ය අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් යොදවා ඇති බවත්ය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් කොවිඩ් පාලන කමිටුවක් පිහිටුවා ඇති අතර කොවිඩ් 19 වයිරසය ආසාදිත නිලධාරීන් හට මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් වීම සඳහා 0114677101 යන දුරකතන අංකයට දැනුම් දීමෙන් පසු අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට කොවිඩ් පාලන කමිටුව කටයුතු කරන බවත්චන්දන ඒකනායක මහතා පැවසීය.