ඔහු මේ බව පැවසුවේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබද විශේෂ මාධ්‍ය හමුවේදී කොවිඩ් සෑදී රෝහල්ගතව සිට සුවය ලබා නිවසට පැමිණි පුද්ගලයෙකු ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදව මෙලෙස පැහැදිලි කරමිනි.
නිවෙසට ගිය පසුද ඇතැම් පුද්ගලයින්ට මාසයක පමණ කාලයක් යන තෙක් මද කැස්සක් පැවතීම සාමාන්‍ය වන අතර ඒ් සදහා ඉන්හේලරයක් භාවිතය ආදිය සිදුකළ හැකි අතර කැස්ස වැඩි වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීම වැදගත් බවද ඔහු කියා සිටියේය.
කොවිඩ් වැළදුණු කෙනෙකුට වෙනත් රෝග වැළදිය හැකි අතර ඒවා වැළදෙනුයේ මින් පෙර කොවිඩ් සෑදීම නිසා නොවන බවත් කොවිඩ් සෑදීමට පෙර සිටම යම් පුද්ගලයෙකු නිදන්ගත රෝග ආදී වෙනත් අසනීපයකට බෙහෙත් ගත්තා නම් ඒම රෝගී තත්ත්වයන් ඉන් පසුද පරීක්ෂා කරගනිමින් අඛණ්ඩව ප්‍රතිකාර ලබාගැනීම වැදගත් බවද ඔහු පැවසුවේය.
කොවිඩ් සෑදී සුව වූ පසු ඇතැම් ආහාර ගැනීම අගුණද, සෙම හටගනීද යනුවෙන් විවිධාකාර ගැටලු බොහෝ දෙනා හට පැන නගින අතර තමන්ට ඇති වෙනත් රෝග එනම් දියවැඩියාව ආදිය පවතී නම් එවැනි රෝග වලට බලපෑමක් නැති ඕනෑම ආහාරයක් ගැනීම ගැටලුවක් නොවන බවද ඔහු කියා සිටියේය. කොවිඩ් සුවවූ පසු ස්නානය කිරීම ගැටලුවක් නොවන බවද මෙය නොනා සිටිය යුතු තත්ත්වයක් නොවන බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම හුස්ම ගැනීමේ වේගය විනාඩියකට 30කට වඩා වැඩි නම් සුවසැරිය ගිලන්රථ සේවාව අමතමින් රෝහල්ගත විය යුතු බව සිහිපත් කළ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම දිනවල ඩෙංගු රෝගයද හිස ඔසවා ඇති බැවින් උණක් ඇතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීම වැදගත් බවයි.