රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවත් ඉන්පසු යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
අමාත්‍යතුමිය ප්‍රකාශ කරමින් සිටියේ, “ලෝකයේ එන්නත් ලබා ගැනීම අති දුෂ්කර කාර්යයක්. ලෝකයේ එකම එන්නතක් හෝ ලබා නොගත් රටවල් 45 ක් තියෙනවා. ලංකාවේ දී එන්නත් ලබා දීමේ දී දිස්ත්‍රික්ක ප්‍රමුඛතා ගත කිරීමේ දී නිර්ණායකයන් කිහිපයක් පාවිච්චි කළා. එයින් ඒකක් තමයි මේ දිස්ත්‍රික්ක වල හමු වු රෝගීන් සංඛ්‍යාව, මෑතකදී හමු වු රෝගීන් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව ඒ වගේම ඒ භූමියේ ස්වභාවය. මේ කාරණා සලකා බලමින් තමයි කුමන දිස්ත්‍රික්ක වලට එන්නත් ලබා දිය යුතු ද යන්න අප තීරණය කරනු ලබන්නේ. ඒ අනුව ඊලඟට ලැබෙන එන්ත් අපි දැනට ලබා දෙන දිස්‍ත්‍රික්ක වලට අමතරව රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්ක වලට ලබා දීමට අපි කටයුතු කරනවා යැයි කීය.