මාර්ගය ගිලා බැසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා සහ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා වැලි ඉංජිනේරුවන් පිරිසක් පසුගියදා එම ස්ථානයේ නිරීක්ෂණය ක නිරත වූහ.
රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මැතිතුමා, සමඟ එම අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා ඉංජිනේරුමය කාර්‍ය්න් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්‍යංශයේ සභාපති ඉංජිනේරු අයිවන් සිල්වා මහතා,ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන ජලාශ හා වේලි සම්බන්ධ මෙහෙයුම් අධ්‍යක්ෂ රෝහන අරුප්පොළ මහතා, කොත්මලේ ජලාශ වේල්ල භාර කාර්‍ය භාර ඉංජිනේරු ආර්.එම්.එස් වත්සල මහතා ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ සංචාරය සඳහා එක්ව සිටියහ.
මෙහිදී සිරිපාල ගමලත් මැතිතුමා නිලධාරීන් ට උපදෙස් ලබා දෙමින්, කියා සිටියේ අදාල මාර්ගය මෙලෙස ගිලා බැසීමට හේතුව විද්‍යත්මකව හඳුනා ගැනීමෙන් අනතුරුව අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසයි.
නිරීක්ෂණ චාරිකාවට, එක්වෙමින් මහවැලි ප්‍රධාන ජලාශ හා වේලි නඩත්තු කටයුතු භාර අධ්‍යක්ෂ රෝහන අරුප්පොළ මහතා පෙන්වා දුන්නේ ය. මාර්ගය ගිලා බැසීම හේතුවෙන් ජලාශ වේල්ල ට කිසිඳු හානියක් හෝ බලපෑමක් ඇති නොවන බවයි. ඒ අනුව ජලාශය ට, පහලින් ජීවත් වන ජනතාව ට කිසිඳු බියක් ඇතිකර නොගත යුතු බවද හෙතෙම පැවැසීය. මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මහවැලි , වාරිමාර්ග , ශ්‍රී ලංකා පොලීසිය, මහාමාර්ග අධිකාරිය, ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විශේෂ සාකච්ඡාවක් අද දහවල් කොත්මලේ මහවැලි කාර්‍යාලයේදී පැවැත්විනි . ඒ සඳහා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමාද සහභාගී වී සිටියේ. මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ඉංජිනේරුමය කාර්‍ය්න් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්‍යංශයේ සහාය ඇතිව සිදුකිරීමට මෙහිදී තීරණය කැරෙනු අතර ඒ අනුව මාර්ගයේ ඉදිකිරීම් පෙරේදා (28) ආරම්භ විය.
මාර්ගය ගිලා බැසීම ට, හේතුව ලෙස හඳුනා ගෙන ඇත්තේ මාර්ගය අභ්‍යන්තරයෙන් ගලා බසින ජල මාර්ග පද්ධතිය දෙදරාමෙන්, ඇතිවී තිබෙන ජලය කාන්දුවීමෙන්,හටගත් පාංශු ඛාදනය බව ඉංජිනේරුවෝ පවසති. මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට මාසය පමණ කාලයක් ගත වන බැවින් වේල්ල හරහා මාර්ගය ඔස්සේ ගමන් ගන්නා සියළු රථ වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කිරීම ට පියවර ගෙන ඇත.
ඒ අනුව කොත්මලේ ජලාශ වේල්ල හරහා අරංගල , කලපිටිය, යන ප්‍රදේශ වල ට ගමන් ගන්නා ජනතාව සඳහා බස් රථ ධාවනය වේල්ල ආසන්නයට පමණක් ධාවනය කරවීමටත් වේල්ල හරහා පාගමනින් ගොස් යලි බස් රථ මඟින් දෙදිශාවට ගමන් ගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමටත් පියවර ගෙන තිබේ. සෙසු රථ වාහන සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී ඇත .