අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විය.
ජාතික පාසල් වශයෙන් අභිනවයෙන් නම් කෙරුණු පාසල් සංවර්ධනය කිරීම ජනාධිපතිතුමාගේ මුලිකත්වයෙන් ජුනි මස 10වන දින ආරම්භ කිරීමත් සමග එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා විය. මෙම වැඩපිළිවෙල වඩාත් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට අදහස් සහ යෝජනාද සහභාගි වූ මහජන නියෝජිතයන්ගෙන් ඉදිරිපත් විය. සාකච්ඡාව සඳහා සූම් තාක්ෂණය ඔස්සේ කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සංවර්ධන කමිටු සභාපතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු බස්නාහිර පළාත් අධ්‍යාපන නිලධාරින්ද සහභාගී විය.