එමෙන්ම ඉකුත් දින 14 ක කාලය තුළ ඉන්දියාවේ සහ වියට්නාමයේ රැඳී සිටි හෝ එම රටවල ගුවන් තොටුපොළ අතරමැදි ගුවන් තොටුපළක් ලෙස භාවිතාකල ශ්‍රී ලාංකිකයින්ට සහ වෙනත් සංචාරකයින්ටද මෙම තහනම බලපැවැත්වෙයි.
එම රටවල කොවිඩ් වසංගත තත්වය සලකා බැලීමෙන් පසුව සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි මෙම තීරණයට එළැඹ තිබේ.
අනෙක් රටවල් සම්බන්ධයෙන් දැනට එවැනි තීරණයක් ගෙන නොමැති හෙයින් මෙරටට ඒමේ බලාපොරොත්තුවෙන් එම රටවල්වල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට හා සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ලංකාවට පැමිණිය හැකිය.