ඒ අනුව අමාත්‍යවරිය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය රෝහල, දඹදෙණිය ශාරිපුත්ත අධ්‍යාපන විද්‍යාපීඨයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය, නාරම්මල ප්‍රාදේශීය රෝහල, ගිරිඋල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇතුළු රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන රැසක් නිරීක්ෂණය කිරීමට කටයුතු කරන ලදි. එම රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල පවතින අඩුපාඩු සහ අවශ්‍යතා පිළිබදව විමසා බැලූ අමාත්‍යවරිය එම රෝහල්වලට අවශ්‍ය වන ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර්, හයි ෆ්ලෝ ඔක්සිජන් මැෂින්, ඊසීජී මැෂින්, නෙබියුලයිසර් ඇතුලු උපකරණ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය සමග සම්බන්ධීකරණය කිරීමටත්, පුද්ගලික දානපතියන්ගේ සහයෝගය ලබාදීමටත් අවශ්‍ය කටයුතු කළ අතර රෝහල් කාර්ය මණ්ඩල හිගතාවය පිළිබදවද අමාත්‍යවරියගේ අවධානය යොමු විය.
මේ ගෝලීය වසංගත අවස්ථාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කැපවීම පිළිබදව සිය කෘතවේදීත්වය පලකළ අමාත්‍යවරිය ශක්තිමත් කණ්ඩායමක් ලෙස එයට මුහුණ දීමට ඇති හැකියාව පිළිබදව ප්‍රශංසනාත්මකව සිහිපත් කළාය. වසරකට වඩා වැඩි කාලයක් වෛරසය සමග සටන් කර ඇති පළපුරුද්ද මත එය පරාජය කිරීමට රටක් ලෙස ඇති හැකියාව පිළිබදව පැහැදිලි කල අමාත්‍යවරිය, ඒ සදහා අඩුපාඩුකම් මැද්දේ වුවද සිය උපරිමය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන ලදි. අමාත්‍යවරියගේ පැමිණීම පිළිබදවත්, තමන් පිළිබදව සොයා බැලීම පිළීබදවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් සිය ස්තුතිය අමාත්‍යවරිය වෙත මෙහිදී පළකරන ලදි.
මෙම අවස්ථාව සදහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, වෛද්‍ය ප්‍රිස්කො අතුකෝරාළ, වෛද්‍ය වික්‍රම, වෛද්‍ය අංජලී යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්විය.