කොවිඩ් රෝගීන්ගේ දෛනික වැඩිවීම තුළ ප්‍රතිකාර කඩිනම් කිරීම සදහා රෝහල් පද්ධතිය සුදුසු ලෙස සූදානම් කිරීමේ අරමුණින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දිවයිනේ සෑම පළාතකම රෝහල් නිරීක්ෂණය කිරීමට එක්වන අතර ඒ අනුව දංකොටුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණයට එක්වී එහි කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ධාරිතාව වැඩිකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට උපදෙස් ලබාදුන් අතර එහි ධාරිතාව වැඩිකිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදීමට ද මැදිහත්වූවාය.
දංකොටුව රෝහලේ කොවිඩ් රෝගීන් 75 දෙනෙකුට ප්‍රතිකාර කිරීමට පහසුකම් සලසා ඇති අතර එහි ධාරිතාව 125ක් දක්වා වැඩිකිරීමට සැලසුම් කර ඇත. කොවිඩ් රෝගීන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර සදහා අවශ්‍ය වන ඩිෆයිබ්‍රිලේටර්, ඇම්බෝ බෑග්, සී කැප් මැෂින්, ලැරින්ගෝස්කෝප්, පල්ස් ඔක්සි මීටර්ස් ඇතුළු වෛද්‍ය උපකරණ ලබාදෙන ලෙස දංකොටුව රෝහලේ වෛද්‍ය අධිකාරී තිලක් රණසිංහ මහතා විසින් අමාත්‍යවරියගෙන් කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය සමග සම්බන්ධීකරණය කර එම උපකරණ ලබාදීමට කටයුතු කරන ලදි.
එමෙන්ම කොවිඩ් රෝගීන් රෝහලට ඇතුලත් කිරීමට රැගෙන එන මාර්ගය පිළිසකර කරදීමට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කොට එහි පිළිසකර කිරීම් මේ වන විටත් ආරම්භ කර ඇත.
දංකොටුව රෝහලේ කටයුතු කඩිනම් කිරීම සදහා රාජ්‍ය අමාත්‍යවරිය දෙවතාවක් රෝහල වෙත පැමිණියාය.