චීනයෙන් සයිනොෆාම් එන්නත ලබාගැනීමේ මිල තීරණය වන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනූව බවත් අපගේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ කිසියම් අඩුපාඩුවක් වී ඇතිනම් ඒ් සම්බන්ධව ඕනෑම අභියෝගයක් ඉදිරිපත් කළ හැකි බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ අද දින (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී චීනයෙන් බංගලාදේශය සයිනොෆාම් එන්නත ඩෙලර් 10කටත් අප රටට ඒම එන්නත ඩොලර් 15කටත් මිලදී ගැනීමට සිදුවී ඇතිද යන්න පිළිබදව සිදුකළ විමසීමකදී කරුණු පැහැදිලි කරමිනි.
මෙම සයිනොෆාම් එන්නත සදහා ඩොලර් 18 සිට 40 දක්වා වූ මිල ගණන් විවිධ රටවල් සදහා ඇති බවත් නිෂ්පාදකයන් සමග සිදුකරන සාකච්ඡා හරහා ඔවුන් මිල තීරණය කරන බවත් සදහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔ්නෑම කෙනෙකුට අභියෝගයකට ලක්කළ හැකි අතරම ඇතැම් රටවල් ඩොලර් 25 – 30 අතර මිලකටද මෙම එන්නත ලබාගෙන ඇති බවයි.
රටෙහි පවතින වතමන් තත්ත්වය තුළ හැකි ඉක්මණින් මෙම එන්නත් ලබාගත යුතු බවද ඔහු පැවසුවේය.
ඔක්සිජන් මිලදීගැනීම සම්බන්ධව ඒනම් මිලදී ගැනීමට ප්‍රමාද වුවහොත් ඔක්සිජන් මිල වැඩිවේද යනුවෙන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළේ, එය සාවද්‍ය කරුණක බවත් ඒලෙස මිලදීගැනීම ප්‍රමාද වුවහොත් මිල වැඩිවීමක් සිදුනොවන අතරම ඊයේ දින අමාත්‍ය මණ්ඩලයට ඔක්සිජන් මිලදීගැනීම සම්බන්ධයෙන් කිසිදු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් නොවුණු බවද සදහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන්ද මෙලෙසම වන අතර එනම් සයිනොෆාම් එන්නත් මිලදී ගැනීම ප්‍රමාදවීමක් හෝ එමනිසා මිලවැඩිවීමක් සිදුනොවුණු බවයි.