එමෙන්ම, රජයක් ලෙස අවශ්‍ය තීන්දු තීරණ අවශ්‍ය වෙලාවේ නොගතහොත්, රටට හිතකර කිසිඳු තීන්දු තීරණයක් ගැනීමට නොලැබෙන බවත්, එහෙත් මේ සම්බන්ධව රජයට දොස් පැවරීමට ද ඇතැමුන්ට හැකි නමුත්, දීර්ඝ කාලින හා රටට හිතකර වැඩපිළිවෙලක් ලෙස මෙම තීන්දුව දකින බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
රසායනික ද්‍රව්‍ය ආනයනය සීමා කිරීමේ වැඩපිළිවෙලට හේතුපාදක වී ඇත්තේ ඩොලර් මිලියන 500 ක පමණ මුදලක් වෙන් කිරීමට සිදු ව ඇති නිසාත්, එමඟින් සිදුවන අතුරු අබාධ ඉතාමත් ම භයානක වී තිබෙන නිසා බවත්, එමෙන්ම, අක්ෂි රෝග, වකුගඩු රෝග යානා දී අතිශයින් ම භාවිතා කරන ලද පොහොර වර්ග බවත්, පරිසරය විනාශ කිරීමටත් මෙම පළිබෝධ නාශක හේතු වී ඇති බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය. 1969 අංක 01 දරණ ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම මඟින් වත්මන් රජය විසින් ගන්නා ලද ප්‍රබල තීන්දුවක් වශයෙන් පළිබෝධක සහ රසායනික පොහොර අවම සහ සීමා කිරීම සහා අවසානයේ කාබනික පොහොර බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙලක් මුල් අදියර ලෙස අපනයන ආනයන පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වන අතර එමෙන්ම 2021 අප්‍රේල් මස 27 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද එකී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද, මෙහි දී යම් යම් අක්‍රමිකතා ඇතිවිය හැකි අතර ඒවා අවම කිරීම උදෙසා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම මඟින් බලාපොරොත්තු වෙන බවත් හෙතෙම කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් විසින් විවිධ හේතු කරුණු ඉදිරිපත් කළ හැකි නමුත් මේ මොහොතේ රටට හිතකර වැඩපිළිවෙලක් ලෙස කාබනික පොහොර භාවිතය පිළිබඳ ගෙන ඇති මෙම ප්‍රබල තීන්දුව දීර්ඝ කාලින වැඩපිළිවෙලක් වන අතරම මහා කන්නයේ අවශ්‍යතාවයන් සඳහා කාබනික පොහොර, ස්වභාවික ඛනිජ ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත්, විශේෂයෙන් තේ පොල් රබර් වලට ඇතිව තිබෙන තත්ත්වය විශ්ලේෂණය කොට ඒ සම්බන්ධව වෙනම තීන්දුවක් ගැනීමටත්, එකී අවකාශය තබා ගෙන රජයක් ලෙස මෙවැනි අපහසු තීන්දුගෙන රටේ දීර්ඝ කාලින යහපත පිණිස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.