අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, අද දින (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ දී ඊයේ දින මහනුවර ප්‍රදේශයේදී ස්පුට්නික් එන්නත ලබාදීමේදී ඒක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගැනීම ප්‍රමාණවත් බවට ජනතාවගෙන් පත්‍රිකාවක අත්සන් ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධව කාගේ අනුදැනුමක් මත ඒවැනි දෙයක් සිදුකළේ ද යන්න මාධවේදියෙකු සිදුකළ විමසීමකදී ඒයට ප්‍රතිචාර දක්වමිනි.
විශේෂඥ කමිටුව අදාල තීන්දුව ගෙන ඒම වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන බවද, ඒ පිලිබදව ඉදිරියටත් ඒනම් දිනපතා පරීක්ෂණ සිදුකරන බවද අමාත්‍යවරයා අවදාරණය කළේය.
ලොව බිලියන 7.8ක ජනගහණයක් රටවල් 193 – 194ක කණ්ඩායමක් තරගකාරීත්වය තුළ මෙම ප්‍රශ්නයට මුහුණපා සිටින අතර ලොව පුරා මෙම වැඩපිළිවෙල ඉතාමත් තෙරපීමකින් සිදුවන බවද ලොව ධනවත්ම රටවල් තමන්ට උවමනාවටත් වැඩි තරම් දේ මිලදී ගෙන ඇති බවට නිල නොලත් ආරංචි ලැබී ඇති බවද ඔහු පැවසුවේය.
අවශ්‍ය වන්නේ මෙම තත්ත්වය පාලනයට ගතහැකි හොදම ක්‍රියාමාර්ග ගැනීම බවත් මෙහිදී යම් යම් තීන්දු තීරණ ගැනීමට සිදුවන අතර මෙය රටේ ඇති තත්ත්වය පාලනය සදහා විශේෂඥ උපදෙස් අනූව සිදුකරන වැඩපිළිවෙලක් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
සාමාන්‍ය ශල්‍යකර්මයකදී වුවද අදාළ තත්ත්වයන්ට එකග වන බවට පත්‍රිකාවක අත්සන් ලබාගන්නා බවද මහනුවර එන්නත්කරණයේදී පත්‍රිකාවෙහි අත්සන් ලබාගැනීම බලහත්කාර අත්සන් ලබාගැනීමක් සිදුකළ බවට ඇතමුන් හුවාදැක්වීමට උත්සාහ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.