පසුගිය දින සිදු වූ රසායනික බදු පටවාගත් නෞකාව ගිනිබත් වීමත්, එකී රසායන ද්‍රව්‍ය මුහුදට කාන්දු වීම නිසා ලුණු නිෂ්පාදනය කිරීමේ දුෂ්කරතාවයක් මතුව තිබෙන බවත්, ඒ නිසා අනාගතයේ දී ලුණු හිඟයක් ඇතිවන බවට මේ
වන විට කටකතාවක් පැතිර යාමක් පිළිබඳව තමන්ට වාර්තා ලැබී තිබෙන බවත්, එහෙත් ලුණු ලේවායේ ලුණු නිෂ්පාදනයට මෙතෙක් බලපෑමක් සිදු ව නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටි.
ඒ මහතා මේ බව කියා සිටියේ, අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.
ලුණු ලේවායන් තිබෙන ප්‍රදේශ වලට නැවේ රසායනික ද්‍රව්‍ය කාන්දු වීමේ බලපෑමක් සිදු ව නොමැති නිසා ලුණු හිඟයක් ඇති වීමටවත්, ලුණු නිෂ්පාදනය ඇනහිටීමටවත්, කිසිම හේතුවක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.