පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් වසංගත තත්ත්වය නිසා අපහසුතාවයන්ට පත් වූ ජනතාවට රුපියල් 5000 ක දීමනාව නැවතත් ලබා දීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

    ජූනි 02, 2021

    අඩු අදායම් ලාභී පුරවැසියන්ට හා කොවිඩ් වසංගත තත්ත්වය නිසා තම දෛනික අදායම් අහිමි වූ සියල්ලන්ටම රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් රුපියල් බිලියන තිහක මුලදක් වෙන් කොට ඇති
    බවත්, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා (01) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර සිටියේය.


    ඒ අනුව, හෙට දිනයේ සිට මෙම දීමනාව ලබා දීමට කටයුතු කරන අතර රුපියල් 5000 දීමනාව ලබා දීමේ දී මධ්‍යම රජයෙන් විවිධ දීමනා ලබන (සමෘද්ධි, වකුගඩු ආධාර වැනි) පුද්ගලයින් මූලිකවම මෙම රුපියල් පන්දහසේ දීමනාවට හිමිකම් කියන අතර ඔවුන්ට ලැබෙන දීමනා රුපියල් 5000 ට වඩා අඩු නම් එම හිඟය පියවීමට කටයුතු කෙරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැහැදිළි කළේය.

    2020 වසරේ දී රට සම්පුර්ණයෙන් ම වසා දැමීම නිසා කිසිවෙකුටත් තම ජිවනෝපායන් සිදු කර ගත නොහැකි වීම නිසා එකී අදායම් අහිමි වූ සියල්ලන්ටම රුපියල් 5000 ක දීමනාවක් ලබා දුන් නමුත්, මෙවර පනවා ඇත්තේ සංචරණ සීමා බැවින් ඇතැම් ජන පිරිස් වලට තම ජීවනෝපාය කටයුතු වලට සෞඛ්‍යාරක්ෂිත ව කරගෙන යාමට අවකාශ ලැබී ඇති හෙයින් ඔවුන් හැර අත්‍යවශයෙන් ම මෙම 5000 දීමනාව ලබා දීමට සුදුසුකම් සපුරන ග්‍රාමීය කමිටු වලින්
    තෝරා ගන්නා එදිනෙදා ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට ලබා දීමට කටයුතු කරන බව ද, මේ වන විට ග්‍රාමීය කමිටු හා එක්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් එකී අවශ්‍ය තේරීමේ කාර්යයන්ගේ නිරත වෙමින් පවතින බව ද, හෙතෙම පැවසිය.

    කෙසේ වුවද, පවතින ව්‍යසන තත්ත්වය තුළ මෙවර රාජ්‍ය නිළධාරීන්ට මෙම දීමනාව ලබා දීමට සිදු වීමේ දී පෙර මෙන් විශාල ලෙස මිනිසුන් එක් රැස් කිරීමට නොහැකි වීම නිසා යම් කාලයක් ගත විය හැකි අතර, ඒ සම්බන්ධයෙන් ජනතාව මනුශියව හා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු වන අතර, නිළධාරීන්ට පීඩනයක් ඇති නොකිරිමටත්, රාජ්‍ය නිළධාරීන් හා රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට කටයුතු නොකරන ලෙසත්, මෙහි දී අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

    එමෙන්ම, කිසිඳු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව මෙම දීමනාව ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා, යම් කිසි පුද්ගලයෙකු හට මේ සම්බන්ධව අසාධාරණයක් සිදු ව ඇතොත් ග්‍රාමීය කමිටුවට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට හෝ පැමිණිලි කරන ලෙසත්, එසේ නොමැති නම් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක 1965 යන ක්‍ෂණික දුරකථන අංකය ඔස්සේ අමතා තමන්ට සිදු වූ අසාධාරණය පැමිණිලි
    කරන ලෙසත්, එවැනි අසාධාරණයට පත් වුවන්ට සාධාරණයක් සිදු කිරීමට ද කටයුතු කරනු ලබන බවත් මෙහි දී විශේෂයෙන් අවධාරණය කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya