රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (01) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, ගැසට් කිරීම මඟින් විවිධ ව්‍යාපෘති සඳහා කොළඹ නගරයේ ඉඩම් පවරා ගැනීමේ දිනෙන් දිනම සිදු වීමත්, පොලිස් මුලස්ථාන ගොඩනැගිල්ල බෙල්ලන්තොට ප්‍රදේශයට ගෙන යන යාමත් සමඟ එම ඉඩම කුමන ව්‍යාපෘතියට දෙනු ලබන්නේ ද සහ කොළඹ 01 සහ 02 පවතින ඉඩම් චීන ව්‍යාපෘති සඳහා ලබා දීමේ වැඩපිළිවෙලක් තිබේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව කියා සිටියේය.
ලංකාවේ භාවිතයට ගත නොහැකි දිරාපත් වූ ගොඩනැඟිලි ගණනාවක් ප්‍රතිසංස්කරණය කොට අදායමක් ලැබෙන ආයතන බවට පත් කිරීම සම්බන්ධව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පත්‍රිකාවක් ඉදිරිපත් කොට තිබෙන බවත්, එවැනිම වටිනා ස්ථානයක් වන වර්ග අඩි 45,000 ක් පමණ වන තැපැල් මුලස්ථානය පිහිටි ප්‍රදේශයේ ද නිරීක්ෂණයක් උදෙසා තමන් ඉල්ලීමක් සිදු කොට ඇති බවත්, සඳහන් කරන ලදුව, මේ වන විට දිරා පත්වෙමින් පවතින ගෆුර් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කොට මෙරටට ප්‍රයෝජනයක් සහිත දැවැන්ත අදායමක් ලබා දීමට කටයුතු කරද්දී චීන සමාගම් වලට කොළඹ නගරයේ ඉඩම් ලබා දෙනවා යැයි පවසමින් වැරදි මත සමාජ ගත කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද සංවිධානාත්මක ලෙස අසත්‍ය ප්‍රචාර පැතිරවීම පිළිබඳව වගකිව යුතු මාධ්‍ය විසින් සිදු නොකළ යුතු බව ද ඒ මහතා මෙහි දී කියා සිටියේය.
එමෙන්ම, රටට ඵල ප්‍රයෝජනයට ගැනීම උදෙසා කරන වැඩපිළිවෙලවල් සම්බන්ධව විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ ගත කරවීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවත්,එය විපක්ෂයක භූමිකාව වරදවා කටයුතු කිරීමක් ලෙස තමන් දකින බවත් රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.