අක්කර 16 කින් යුත් දේශීය ඖෂධීය ශාක වලින් පිරී ගිය නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ රෝහල් පද්ධතියට කොවිඩ් රෝගීන් ඇතුළත් කිරීම, දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අද දින (02) ඇරඹුණි.
මෙහි මුල් අදියරයේ දී කොවිඩ් රෝගීන් 100කට ප්‍රතිකාර ලැබිය හැකි අතර කොවිඩ් රෝගයට ගොදුරු වී ගිලන් වූ භික්ෂූන් වහන්සේලා සඳහා වෙන්වූ සුවිශේෂී වාට්ටුවක්ද රෝහල තුළ පිළියෙල කොට ඇත.
මෙම කටයුත්ත සඳහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද සහභාගී වූවාය.