පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ රුසියානු අන්තර්ජාතික ආර්ථික සමුළුවට එක්වෙයි

    ජූනි 02, 2021

    ජූනි 02-05 දක්වා රුසියාවේ පැවැත්වෙන 24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුවට (SPIEF 2021) ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගි විය.

    රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මැතිතුමා සහ ලොව පුරා රටවල් 120ක පමණ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට අන්තර්ජාතික ආර්ථික සංවිධානවල ප්‍රධානීහු, රුසියානු සහ වෙනත් රටවල රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීහු ද ඇතුළු පිරිසක් එක් වෙති.

    ගෝලීය ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධානතම කරුණු සාකච්ඡා කිරීමට හා ඒවාට ගෝලීය සහයෝගීතාවයෙන් ශක්‍ය විසඳුම් යෝජනා කිරීමට රාජ්‍යතාන්ත්‍රිකයන්ට අනගි අවස්ථාවක් නිර්මාණය කර දෙන ප්‍රමුඛතම ගෝලීය ආර්ථික වේදිකාව බවට මේ වන විට 1997 ඇරඹි 'ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව' පත්ව තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ මාර්ගෝපදේශ යටතේ පැවැත්වෙන මෙම ආර්ථික සමුළුව, වර්තමාන අභියෝගාත්මක කාලපරිච්ඡේදයේ ලෝක ආර්ථිකය තුළ මතුවන යහපත් නව තත්ත්වයන් සහ ප්‍රමිතීන් හඳුනාගනිමින් ඒවා ගෝලීය පරිමාණයෙන් පෙරට රැගෙන යාමට ඉවහල් වනු ඇතැයි රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපති උපදේශක, මෙම සමුළු සංවිධාන කමිටුවේ විධායක ලේකම් ඇන්ටන් කොබ්යාකොව් මහතා සඳහන් කරයි.

    මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සමග එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්, රංජිත් විමලසූරිය හා අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද සහභාගි වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya