පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් අභියෝග ජයගන්න හුවාවෙයි සමාගමෙන් රු.මිලියන 2ක මුදල් පරිත්‍යාගයක්

    ජූනි 02, 2021

    හුවාවෙයි සමාගමේ නියෝජිත පිරිසක් අද (31) දින අරලියගහ මන්දිරයේ දී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2ක මුදලක් ප්‍රදානය කළහ.

    වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හුවාවෙයි සමාගම අඛණ්ඩව දක්වන සහයෝගය මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ ඇගයීමට ලක්විය.

    හුවාවෙයි සමාගමේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අංශයේ උප සභාපති චෙන් මින්ජි මහතා මෙහි දී හුවාවෙයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පීඨය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පස් අවුරුදු සමාජ සත්කාර වැඩසටහන අග්‍රාමාත්‍යතුමාට හඳුන්වා දුන්නේය.

    සිසුන් 10000ක පිරිසක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතාවෙන් පිරිපුන් පිරිසක් බවට පත්කිරීම මෙම සමාජ සත්කාර වැඩසටහනේ අරමුණයි.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, හුවාවෙයි සමාගමේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අංශයේ උප සභාපති චෙන් මින්ජි, හුවාවෙයි ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී ලියාං යී, මහජන සම්බන්ධතා හා සන්නිවේදන අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් ලී, ව්‍යාපාර හා ව්‍යවසාය අංශ ප්‍රධානී ෂියාඕ හුවා මහත්වරු එක්වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya