ඒ අනුව, පසුගිය දින ගිනිගෙන විනාශ වූ X–Press Pearl නෞකාව හා සිද්ධිය අහඹු ලෙස සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක් බවත්, සිදු වූ දේ සම්බන්ධව හා පාරිසරික ගැටළු පිළිබඳව යම් කෙනෙක් සද්භාවයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඊට රජයක් ලෙස ස්තූතිය පළ කර සිටින නමුත්, එලෙස නොකර දේශපාලන මුහුණුවරකින් මත ප්‍රකාශ කිරීම ඉතාම පහත් දේශපාලනයක් බවට තමන් දකින බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.
වත්මන් ආණ්ඩුව කිසි දිනෙක වගකීම් පැහැර හරින ආණ්ඩුවක් නොවන අතර මේ ගතවන මොහොතේ දී ත් මෙම සිද්ධියට අදාළ ආයතන හා එක්ව නෞකාවෙන් පරිසරයට සිදු විය හැකි හානි තවදුරටත් අවම කර ගැනීම සිදු කරන්නේ කෙසේ ද යන්න පිළබඳව විමසිලිමත් වෙමින් එම කාර්යයන් හි නිරත වෙමින් තිබෙන බවත් මෙවන් අවස්ථාවක බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය. 2019 වසර වන විට කොළඹ වරාය මඟින් 4198 ක් හා 2020 වසරේ දී 3806 ක නව මෙහෙයුම් කටයුතු සිදු කර තිබේ.
2021 වසරේ සිට මේ වන තෙක් නැව් 1521 ක් නැව් මෙහෙයුම් කටයුතු සිදු කර තිබේ. මෙලෙස විශාල ප්‍රමාණයක නැව් මෙහෙයුම් සිදු කරන නාවික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් වී තිබේ.
එවන් විටෙක මෙවැනි දෑ බලාපොරොත්තු විය හැකි බවත්, අප රටේ පරිසර හානි, සමුද්‍ර දුෂණ, වායු දුෂණවැනි දේ සිදු වන්නේ නම්, ඊට රජයක් ලෙස සම්පූර්ණයෙන්ම විරුද්ධ වන බවත්, මේ සම්බන්ධයෙන් රජයක් ඉදිරියටත් සිදු විය යුතු හා කළ යුතු සියලු ක්‍රියාමාර්ග සිදු කරන බව ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක, වරාය අධිකාරියේ උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න, වරාය අධිකාරියේ හාර්බර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා සහ වෙළඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනවිරත්න යන මහත්වරු සහභාගී වූහ.