පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් හමුදාපති හමුවෙයි

    ජූනි 04, 2021

    ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා (02) බත්තරමුල්ල යුද්ධ හමුදා මූලස්ථානයේ දී හමුවිය.

    මෙම හමුව අතර තුරදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්ව්පාර්ශවීය සම්බන්ධතා පිළිබඳවද සාකච්ඡා කෙරිණ.

    එසේම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ දී ලබාදෙන දායකත්වය අගය කරමින් පුද්ගලික ආරක්ෂක ඇඳුම් 16,500ක්, මුව ආවරණ 25,000ක්, අත් වැසුම් කට්ටල 100,000ක්, ඇස් ආවරණ 175ක් සහ සායනික කටයුතු සඳහා භාවිත කළ හැකි ලීටර් 25ක ධාරිතාවෙන් යුතු කුඩා සිසිලන බහාලුම් 15ක් ද මහකොමසාරිස්තුමන් විසින් පරිත්‍යාග කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya