පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ කිරි,බිත්තර,මස් නිෂ්පාදන, වෙළද පොල වෙත කඩිනමින් යොමුකිරීම සදහා පශු සම්පත්,ගොවිපලප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය මැදිහත් වන බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසයි.
නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළෙදුන් හට තම ප්‍රදේශයේ ප්‍රාදේශීයලේකම්,දිස්ත්‍රික් ලේකම් හා පශු වෛද්‍ය කාර්යාල හරහා සෘජුව අවසරගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.
තවද යම් අයෙකුට කිරි,බිත්තර,මස් ආශ්‍රිත නිෂ්පාදනවලට අමතරවසත්ව ආහාර හා බෙහෙත් ප්‍රවාහනයට අවශ්‍ය අවසරයද ඉහත කාර්යාලමගින් ලබා ගත හැකියි.
මේ වන විට ජංගම එළවළු හා පලතුරු අලෙවි රථ පවත්වාගෙන යන රථ හිමියන්ට තම රථ මගින් බිත්තර හා මස් ද අලෙවි කරන ලෙසරාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටී.
මෙම අවසර ගැනීම් සම්බන්ධව වෙළෙදුන්ට මතුවන ගැටළු විසදීමසදහා රාජ්‍ය අමාත්‍යාංශය මගින් සෘජු දුරකතන අංක 03 ක්ද ලබා දීඇත.
· වෛද්‍ය නිරෝෂන් ගමගේ ( අතිරේක ලේකම්- පශුසම්පත්) - 0772672015
· වෛද්‍ය සාගරිකා සුමනසේකර( අධ්‍යක්ෂ-අභිජනන) - 0718101904
· වෛද්‍ය හේමාලි කොතලාවල(අධ්‍යක්ෂ ජනරාල්-ස.නි.හා සෞ.දෙ) - 0718589004