එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, මේ වනවිට ලොව පුරා ම සීඝ්‍රයෙන් පැතිරීගෙන යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බලපෑම් එලලවී තිබේ. ඒ අනුව තම දරුවන් ජාත්‍යන්තර පාසල්වලට යවන දෙමාපියන්ගෙන් දිගින් දිගට ම ඉල්ලීම් ගලාගෙන එනවා මතුව තිබෙන ආර්ථික ගැටලු මත පාසල්වල මාසික ගාස්තු ගෙවාගැනීමට අපහසු නිසා රාජ්‍ය පාසල් පද්ධතියට එම දරුවන් ඇතුළත්කර ගැනීමට අවස්ථාව ලබා දෙන්නට කියා. මෙහිදී මතුවන ගැටලුව තමයි ඒ දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ම උසස් පෙළ දක්වා හදාරනු ලබන්නේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්. නමුත් රජයේ පාසල්වල ඉංග්‍රිසි මාධ්‍ය පාසල් තිබෙන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක්. ඒවායිනුත් ‘හර’ විෂයයන් පමණයි උගන්වන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙයට ස්ථිරසාර විසඳුමක් ලබාදිය යුතු බවට. ඒ අනුව අධ්‍යාපන විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කරලා තිබෙනවා මෙම ගැටලුව විසඳීම සම්බන්ධ ව නිර්දේශ ඉදිරිපත් කිරීමට. ඒ අනුව කොළඹ ආශ්‍රිත කරගෙන මෙන් ම සෑම පළාතක ම එවැනි පාසලක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව අවධාන යොමුව ඇති බවත් පැවසූවා. එම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම එවැනි ඉංග්‍රිසි මාධ්‍ය පාසල් ලබා දිමට කටයුතු කරන්නට පුළුවන් වේවි.
ජාතික පාසල් 1,000 වැඩසටහන, ත්‍රෛභාෂා පාසල් වැඩසටහනට සමගාමී ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබේවි.
වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරණ සිසුන් ගණන 35% සිට 60 දක්වා වර්ධනය කිරිමටත්. කලා අංශයෙන් උසස් පෙළ හදාරණ සිසුන් ගණන 25% දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බවත්. නුගේගොඩ විජයරාම විද්‍යාලය සහ දේවි බාලිකා විද්‍යාලය ඒකාබද්ධ ව සිදුකරන්නට නියමිත ව තිබූ ව්‍යාපෘතිය අහෝසි කර එම පාසල ඉංග්‍රිසි මාධ්‍ය පාසලක් බවට පත් කරන බවත් පෙන්වා දෙනවා යැයි පැවසී ය.