විශේෂයෙන්ම හදිසි ආපදාවන්ට ලක්ව ඇති ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කොට කඩිනම් සහන සැලසීම සදහා ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වල සහාය මේ වනවිටත් ලබා දී ඇති අතර, වෙනස් වන කාලගුණික තත්ත්වය හමුවේ අනතුරුදායක ස්ථානවලින් ජනතාව මුදවා ගැනීම කඩිනම් කළයුතු බව ද දන්වා තිබේ.
ගංවතුර සහ නාය යාමේ තර්ජනය සහිත දිස්ත්‍රික් සියල්ලෙහිම පවුල් 1500 ක, 6000 ක ජනතාවක් මේ වනවිට පීඩාවට සහ අවතැන් වීමට ලක්ව තිබේ. අවතැන් වූවන් සදහා සකස් කර ඇති සහන කඳවුරුවල උපරිම පහසුකම් ලබා දීම මෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඔවුනට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දීම පිළිබඳව ද උපදෙස් ලබා දුනි.
එමෙන්ම අවතැන් වූවන් සදහා පළමු අදියරේ ලබා දෙන පිසූ ආහාර වේල් වල වටිනාකම වර්තමාන ජීවන වියදම් දර්ශකය හා සසඳා එම මුදල වැඩි කිරීම සදහා 2020.05.15 දාතම අනුමැතිය ලත් MDRSC/1/2/1 දරණ හදිසි ආපදා තත්ත්වයකට ලක්වූ ජනතාවට සහන සැලසීම පිළිබඳව වූ කැබිනට් පත්‍රිකාව සංශෝධනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබා දුනිමි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ද ගංවතුර අවධානම පිළිබඳ දෛනික දත්තයන් භාවිතා කොට මුදවාගැනීමේ සහ සහන සැලසීමේ ක්‍රියාවලිය සදහා අවශ්‍ය අනෙකුත් දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය ද ලබා දීමට පියවර ගෙන ඇත. එමෙන්ම මුදවා ගැනීමේ සහ සහන සේවාවල යෙදෙන සියලු නිලධාරින්, ප්‍රජා නියෝජිතයන් වසංගත තත්ත්වය හමුවේ උපරිම ලෙස සෞඛ්‍යාරක්ෂිව කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා විසින් දන්වා තිබේ