නාගරික ජල කළමනාකරණය පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ 12 වන වාර්ෂික පාලක මණ්ඩලයේ සමුළුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලේය.
නාගරික ජල කළමනාකරණය පිළිබඳ කලාපීය මධ්‍යස්ථානය (RCUWM) 2002 වර්ෂයේ සිට යුනෙස්කෝවේ අනුග්‍රහය යටතේ ඉරානයේ ටෙහෙරාන් නුවර ස්ථාපිත කර ඇත. අන්තර්ජාතික හා කලාපීය මට්ටමින් ධාරිතා වර්ධනය, දැනුම හුවමාරු කරගැනීම සහ පර්යේෂණ මඟින් ජලය සම්බන්ධ උපාය මාර්ගික ව්‍යාපෘතීන් සඳහා මෙම සංවිධානය දායක වේ.
පවත්නා ගිවිසුමට අනුව ඉහළ මට්ටමේ තීරණ ගැනීම පාලක මණ්ඩලය සතු වන අතර මෙවර සභාපතීත්වය ඉරාන රාජ්‍ය වෙත හිමිව ඇත. ඇෆ්ගනිස්ථානය, ආමේනියාව, බහරේන්, බංගලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරාකය, කුවේට්, ලෙබනනය, ඕමානය, පකිස්ථානය, සිරියාව, ටජිකිස්ථානය, අසර්බයිජානය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, තුර්කිය සහ ශ්‍රී ලංකාව යන රටවල් 19 ක ජල සම්පාදන සහ ජල සම්පත සුරක්ෂිත කිරීමේ වගකීම් භාර අමාත්‍යවරුන් සූම් තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව සඳහා එක්වීය.
මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා, වර්තමානයේ ජලය සඳහා දැඩි ඉල්ලුමක් පවතී. මේ අනුව ජලය භාවිතා කිරීමේ විවිධ වූ අංශයන් අතර මෙම තත්ත්වය හේතුවෙන් තරඟකාරීත්වයකට මගපෑදී ඇත. කෘෂිකාර්මික අවශ්‍යතාවන් ප්‍රමුඛ වාරිමාර්ග කටයුතු, කර්මාන්ත සහ ජල ආශ්‍රිත විවිධ වූ ව්‍යාපෘතීන් සහ වැඩසටහන් පානීය ජලයට අමතරව රට තුළ ක්‍රියාත්මක වීම මෙම තරඟකාරීත්වයට හේතු වී ඇත.
2025 වර්ෂය සම්පූර්ණ වන විට සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල යථාර්තයක් බවට පත්කරමින් රටපුරා පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය 100% කින් සපුරාලීමට මේ වන විට සියළු සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කරමින් පවතින බවද ජල සම්පාදන අමාත්‍යවරයා මෙම සමුළුව අමතා වැඩිදුරටත් පැහැදිලි කළේ ය. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විධිමත් සහ කාර්යක්ෂම ජල සම්පාදන වැඩපිළිවෙල ජාත්‍යන්තර නියෝජිතයින්ගේ විශේෂ ඇගයීමට සහ පැසසුමට ලක්වීය.