මෙවර තේමාව වන්නේ "හුස්ම පොදයි-පරිසරයයි" යන්නයි.
1972 වර්ෂයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී පැවති පරිසර සමුළුවේ දී ගන්නා ලද තීරණයකට අනුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින "ජගත් පරිසර දිනය " ප්‍රකාශයට පත් කළේ ය.
මීට සමගාමීව පරිසර අමාත්‍යාංශය මඟින් කොවිඩ් වසංගත මෙන්ම පැතිර යන ඩෙංගු මර්දනය සදහා පියවරක් ලෙසින් ඔබේ පවුලේ යන සමඟ ගෙවතු වටපිටාව ආරක්ෂා කර ගන්න එක්වන ලෙසින් ඉල්ලා සිටියි.මේ සදහා අද(05) හා හෙට (06) සියලු ගෙවතු පිරිසිදු කරන ලෙසින් ජනතාවගෙන් ඉල්ලා සිටින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ,මේ සදහා පැයකට වරක් නිවස 03ක් සදහා රුපියල් 5000/= ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමටද බලාපොරොත්තු වන බව පැවසීය.
ඒ සඳහා මේ දිනවල නිවෙස්වල සිටින දරුවන්ට තමන්ගේ ජංගම දුරකතනයෙන් තම ගෙවත්ත පිරිසිදු කෙරෙන ආකාරය පටිගත කර එවන ලෙස ද එසේම හැකි අයුරින් එක් පැළයක් හෝ රෝපණය කළ හැකි නම් එයද ඉතා වටිනා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.