පිටාර මට්ටමෙන් හෝ සුළු ගංවතුර මට්ටමේ පවතින ප්‍රධාන ගංඟා සහ ඔයවල් ආශ්‍රිත ජනතාව මෙන්ම ජලාශ,මහ වැව් ආශ්‍රිතව ජීවත් වන සියලුම ප්‍රජාවන්ට දැනට පවතින අයහපත් කාලගුණික තත්වයන් පිලිබඳව අවස්ථානුකූලව දැනුම් දීමට රාජ්‍ය මාධ්‍ය ප්‍රධානව සියලු මාධ්‍යන් යොදා ගන්නා ලෙසද දැනුම් දී ඇත.ඒ තුලින් ජීවිත අවධානම් තත්ත්වය මගහැරීමටත් දේපල සහ කෘෂි භෝග හානි අවම කරගැනීමටත් ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.
එමෙන්ම ජල පාලන සහ ජල මැණුම් රාජකාරීන් වල යෙදෙන සේවක සේවිකාවන්ද, ක්ශේත්‍රයේ සියලු පාර්ශවයන් ද ස්වකීය සෞඛ්‍යාරක්ෂිව අවධානයෙන් සිටිය යුතු බවත් ග්‍රාමීය මට්ටමෙන් ලබා ගන්නා සෑම තොරතුරුක් ම කඩිනමින් වගකිවයුතු ආයතන වලට යොමු කරන ලෙසද වාරිමාර්ග අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
එමෙන්ම තම ආයතන මගින් අධීක්ෂණය වන ප්‍රදේශ වල පවතින ආපදා තත්ත්වයන් සදහා ජාතික ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ සේවය ලබා ගන්නා ලෙසද අදාල ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.