එමෙන්ම, පවතින ගං වතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්ට අයත් ගං වතුර අවදානම සහිත ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 33ක් ආපදාවට පත් මහජනතාව ඉන් මුදා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය අනෙකුත් සහන සැලසීමේ කටයුතු වල තවදුරටත් නිරතව සිටියි.
තවද, ගං වතුරෙන් විපතට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත කඩිනමින් යොමු කිරීමට තවත් අතිරේක සහන කණ්ඩායම් සූදානම්ව තබා ඇත.