බොහෝ කලක් නිවෙසටම වී සිටින දූ දරුවන් බොහෝ ආතතියට පත්ව ඇති බවත් එම තත්වය අවසන් කර හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීමට රජය බලාපොරොත්තුව වුවත් දූ දරුවන් කිසිම අවධානමකට ලක් කල නොහැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.
අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙිමන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. හැකි තාක් ඉක්මනින් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව සුරක්ෂිත කරමින් පාසල් විවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දැනට පවත්වාගෙන යන දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය අංග සම්පූර්ණ නොවූවද තව දුරටත් එම වැඩපිළිවෙළ පුළුල් කිරීම සම්බන්ධයෙන් කටයුතු සොයා බලන බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.
ඒ සඳහා රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය අනුව ඩිජිටල් වේදිකාවක් සඳහා යෝජනා 2000ක් පමණ ලැබී ඇති බවත් මෙම වැඩපිළවෙළ වඩා සාර්ථක කර ගැනීම සඳහා එම යෝජනා එවූ පුද්ගලයන් සමග සාකච්ඡා කරන බව පැවසූ අමාත්‍යවරයා දුර්වලතා මග හරිමින් මාර්ගගත අධ්‍යාපනය වඩා විධිමත් ලෙස ඉටු කිරීම සඳහා තව දුරටත් යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය
පළමු වසරේ සිට දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ආමත්‍යවරයා පැවසුවේ පාසල් සහ විශ්ව විද්‍යාල වල ලබා දෙන අධ්‍යාපනය සහ රැකී රක්ෂා පරතරය අවම කිරීමට නම් භාෂා පරතරය අවම කළ යුතු බවත්, ඒ සඳහා විදේශීය භාෂා ඉගෙනීම අත්‍යාවශ්‍ය බවත් ඉදිරියේදී ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.