අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වැඩපිළිවෙල අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කරන බවයි. මෙතෙක් කලක් අවිධිමත්ව පැවති පෙර පාසල් පද්ධතිය විධිමත් කිරීම සඳහා මේ වන විටත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඇතැයිද ඉදිරියේදී එම ජාතික වැඩපිළිවෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. සෑම දිස්ත්‍රික්කයකම සෞභාග්‍යයේ පෙර පාසල් නමින් පෙර පාසල් 05ක් ආරම්භ කිරීමට සහ අඩු පහසුකම් සහිත පෙර පාසල් වල යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා මූල්‍යධාර ලබා දීමටද මෙම මාසයේ සිට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රුපියල් 2500ක දීමනාවක් පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබා දීමට නියමිත ව තිබූ මොහොතක යහපාලන රජය බලයට පත් වී එම මුදල රු 250 දක්වා පහළ දමමින් ගුරුවරයාගේ ගුරු අභිමානය නැති කල බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම දීමනාව රජය රුපියල් 250 සිට රු 2500 දක්වා වැඩි කළ බවද පෙන්වා දුන්නේය.