මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පළමු අදියර යටතේ ඇදන් 650 කින් සමන්විතව කොවිඩ් ප්‍රතිකාර කටයුතු සදහා අද දින එක් වූ අතර, දෙවන අදියර යටතේ තවත් ඇඳන් 1200 ක් එක්වීමට නියමිතය. ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය උපකරණ ලබාගැනීම සදහා රුපියල් මිලියන 25 ක් බස්නාහිර පළාත් සභාවෙන් ලබාදී ඇති අතර, ප්‍රදේශයේ දානපතියන් විසින් ද මුල්‍යාධාර ලබා දී ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - “කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වන විට ප්‍රතිකාර සේවාවන් ලබාදිම සදහා ප්‍රතිකාර මධ්‍යස්ථාන අවශ්‍ය වනවා. අප රටේ කොවිඩ් ආසාදිතයින් වශයෙන් හදුනා ගනු ලබන සෑම රෝගියෙක්ම රෝහල් ගත කිරිම තවදුරටත් අප සිදු කරනු ලබනවා. රෝහල් ප්‍රතිකාර ලැබිය යුතු අය ඉන්නේ වාර්තාවන රෝගීන්ගෙන් සියයට 20 ක් පමණයි. නමුත් සියළු දෙනාම රෝහල් ගත කිරීමට අපි මේ වන තුරුත් කටයුතු සිදු කරනවා. විශේෂයෙන්ම කොවිඩ් ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන අය සදහායි මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරනු ලබන්නේ.”
අදියර දෙකක් යටතේ කොවිඩ් ප්‍රතිකාර සඳහා එක්වන මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භෞතික පරිවර්ථන කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දෙනු ලබයි. දෙවන අදියරේ භෞතික පරිවර්ථන කටයුතු මේ වන විට 50% අවසන් කර ඇත.
මෙම අවස්ථාවට සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියහ