කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත ලබා දීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් කිලිනොච්චි ප්‍රාදේශීය ලෙක්ම් කාර්යාලයේදී ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ හා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් (05) දින පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව කීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා;
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාවගෙන් බොහෝ පිරිසක් ඇගුළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරමින් තම ආර්ථිකය ගෙන යන අතර ඔවුන් නිරන්තරයෙන් පී සී ආර් පරීක්ෂණයන්ට වලට භාජනය කරමින් ඔවුන්ගේ නිරෝගිභාවය ආරක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකයට දායක කරගත යුතු බව ප්‍රකාශ කරන ලදි. තවද දැනටමත් රජය රටපුරා කොරෝනා එන්නත්කරණය ආරම්භ කර ඇති අතර මෙම වසර අවසානයට පෙර එන්නත්කරණය අවසන් කර අතිගරු ජනාධිපතිතුන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටේ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඒ සදහා සෞඛ්‍ය අංශ හා රටේ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය රජයට ලබා දිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
මෙම සාකච්ඡාවේදී උතුරු පළාතේ කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට සංචරණ සීමා පනවා ඇති වකවානුවේ සිදුවන බදා මැඩලීමට ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගන්නා ලෙස පැවසු අමාත්‍යවරයා සංචරණ නීති පනවා ඇති කාල සීමාවේ අනවසර වැලි කැනීම් සිදුවන බවත් ඒවා මැඩලීමට ක්‍රියා කරන ලෙසත් අමාත්‍යවරයා අදාළ අංශ වලට උපදෙස් ලබා දෙන ලදි.