ඔහු මේ බව පැවසුවේ අද දින (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍යවේදියෙකු විසින් ස්පුට්නික් දෙවන මාත්‍රාව පළමුව ලබාදුන් මාත්‍රාවට වෙනත් එන්නතක් ලබාදීමට යාම පිළිබදව යොමුකළ පැනයට පිළිතුරු වශයෙනි.
මේ සම්බන්ධව පත්කර ඇති වෛද්‍ය විශේෂඥ කමිටුවෙහි උපදෙස් මත ක්‍රියා කරන බවද, එන්නත්කරණයේදී මේ වන විට ලොව බොහෝ රටවල් මුහුණපා සිටින ඉල්ලුම සහ සැපයුම අතර පවත්නා ගැටලුව හේතුවෙන් විවිධ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගන්නා බවද, අප රටෙහි ඇති මෙම ව්‍යාප්තිය නතර කිරීමට පළමු මාත්‍රාව හෝ ලබාදීම වැදගත් යන පණිවිඩය සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.
ඒ හරහා මෙරටේ අතිශයින් අසාධ්‍ය වන තත්ත්වයන් අඩුකිරීමට හැකිවෙතැයි සලකා මෙම අවසර ලබාදී ඇතත් මෙම අවසරය සගවා වැරදි මතවාදයන් ඉදිරිපත් කරන දෙයක් ලෙස නොව වෛද්‍යවරුන්ගේ උපදෙස් අනූව පවත්නා තත්ත්වයන් විශ්ලේෂණය කර සුභවාදීව සිතා රටේ ජනතාවගේ රෝග ව්‍යාප්තිය සහ මරණ සංඛ්‍යාව වැඩිවීම වැළැක්වීමට ගතහැකි එක් ක්‍රියාමාර්ගයක් වශයෙන් මෙලෙස ක්‍රියා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.