ඔහු මේ බව පැවසුවේ අද දින (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
එන්නත්කරණ වැඩසටහන ඉතාම විනිවිදසුළු භාවයෙන් ග්‍රාමසේවක වසම් මට්ටමෙන් ඒම පදිංචිකරුවන්ට ලබාදීම සහ ටඒම වැඩසටහන ඉතාම සාර්ථකව ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩකටයුතු සිදුවී ඇති බවද, ආරම්භක කාලසීමාව තුළ තිබුණු යම් යම් අඩුපාඩු පවා විසදා ගනිමින් මේ වන විට සෞඛ්‍ය අංශ වල සහ රජයේ සියලු පාර්ශව වල මැදිහත්වීමෙන් සිදුකෙරෙන බව සතුටින් සදහන් කිරීමට කැමති බව ඔහු පැවසුවේය.
කොවිඩ් මරණ සම්බන්ධයෙන් දෛනික වාර්තවක් ලබානොදෙමින් ඒකතු කළ අගයක් ලබාදෙන්නේ මන්ද යනුවෙන් මාධ්‍යවේදියෙකු විමසූ විට ඔහු කියා සිටියේ බොහෝ ප්‍රවෘත්ති නාලිකා වල සහ සමාජ මාධ්‍ය වල මරණ සංඛ්‍යාවට ඒකතු කරන ලද අගයක් ලබාදෙන බවත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලද තොරතුරු අනූව පසුගිය දින කිහිපය පුරාම දිනපතා රෝගීන්ගේ මරණ සංඛ්‍යාව පිළිබදව වාර්තාවක් ඇති බවයි.
ඒ අනූව ඒම දින වලට අදාලව මරණ සංඛ්‍යාව වෙන වෙනම දක්වා ඇති බවත්, ප්‍රධාන ගැටලුව වන්නේ සමහර දේහයන්හි පී සී ආර් පරීක්ෂණ සිදුකර ඒහි ප්‍රතිඵලය ලැබීමට දින කිහිපයක් ගතවීම හේතුවෙන් එකතු කරන ලද අගයක් වශයෙන් මෙම වාර්තාව නිකුත්වීම බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ හැරෙන්නට දිනපතා වාර්තාවක්ද ලබාදී ඇති බවයි.