ඒ මහතා මේ බව කියා සිටියේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී, සමාජ මාධ්‍ය ජාල වල පළවන ප්‍රවෘත්ති විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවන බව ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා නිවේදනය කරන ලදුව, සමාජ මාධ්‍ය ඇත්තටම රජයට තර්ජනයක් ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.
මීට සති කිහිපයකට පෙර මේ සම්බන්ධව කැබිනට් පත්‍රයක් ද ඉදිරිපත් කරන ලදුව එයට අනුමැතිය හිමිව තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, ලංකාවේ පමණක් නොව ඉන්දියාව, ඔස්ට්‍රේලියාව වැනි ලෝකයේ රටවල් ගණනාවක් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ද සඳහන් කරන ලදුව, ඇතැම් කරුණු ඉදිරියට පැමිණියේ මෙවැනි කරුණු කාරණා සාධනීයව ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් නිසා බවත්, එවැනි සාධනීය වශයෙන් කරුණු කාරණා ඉදිරිපත් කරන ජනමාධ්‍යවේදීන්ට පවා මෙවැනි අහිතකර ක්‍රියාමාර්ග සිතාමතාම ඇති කරන පුද්ගලයින් ප්‍රශ්නයක් බවත්, ජනමාධ්‍යවේදීන්ගේ නිවැරදි මඟ පෙන්වීම් වෙනත් මානයන්ට ගෙනයාමට හැකි බවත්, මෙවැනි තත්ත්වයන් ඇති වන්නේ එවැනි අසංවර ලෙස කටයුතු කරන සහ වෙනත් න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට වක්‍රව දායක වන පුද්ගලයින් නිසා බවත් අමාත්‍යවරයා මෙහි දී කරුණු පැහැදිළි කළේය.
ඒ අනුව, සාධනීය කරුණු නිසි ඉදිරිපත් කරන ජනමාධ්‍යවේදීන්ගේ ද රැකවරණයට මෙම ගන්නා ක්‍රියාමාර්ගය ඉවහල් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.