ඒ මහතා මේ බව කියා සිටියේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ජලය මිශ්‍රිත තෙල් පවිත්‍ර කරන පවිත්‍රාගාරයකට පැවති ජලය ගැලීම නිසා එම පවිත්‍රාගාරය පිහිටි ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා එම ප්‍රදේශය ජලය සමඟ තෙල් පැතිරී යාමක් සිදු වූ බව මෙහි දී අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේය.
මෙම පවිත්‍රාගාරය 1960 දශකයේ සිට පොළව මට්ටමේ තිබුණු ජල පවිත්‍රාගාරයක් වන අතර, මේ සිදු වීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා වශයෙන් තමා විසින් කමිටු දෙකක් පත් කළ බවත්, බලශක්ති අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් උපුල් විජේසේකර මහතා ගේ සභාපතිත්වයෙන් යුතු ව ඉන් එක් කමිටුවක් මඟින් මෙම සිදු වීමට සැබෑ හේතුව කුමක් ද, නිළධාරීන්ගේ යම් අතපසුවීමකින් මෙය සිදු වුවාද යන්නත්, යළි මෙවැනි දේ සිදු නොවීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේ ද යන්නත් සෙවීමට කටයුතු කරන බව ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.
ඒ අනුව, මෙම සිද්ධිය නිසා සිදු වූ හානිය ගණනය කොට ඒ සම්බන්ධයෙන් විපතට පත් වූ පුද්ගලයින්ට වන්දි ලබා දිමට කටයුතු කරන බව ද, එකී වන්දි ගණනය කිරීම සඳහා තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර වයි. බී.එම්
ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ව අනෙත් කමිටුව ක්‍රියාකරන බව ද, දින දාහතරකින් අදාළ කමිටු වාර්තා තමා වෙත ලැබීමට කටයුතු කරන ලෙස උපදෙස් දී ඇති බව ද උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.