බැංකු සේවා සැපයීම සම්බන්ධව මෑතකදී බලපත්‍රලාභී බැංකු විසින් නිකුත් කර ඇති නිවේදන සැළකිල්ලට ගනිමින්, අඛණ්ඩව බැංකු සේවා සැපයීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත අවධාරණය කර ඇත.
කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ පොලිස්පතිගේ අනුමැතිය, එකඟතාවය ලබා ගැනීමෙන් අනතුරුව, සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හා විධි විදාන තරයේ අනුගමනය කරමින් අත්‍යාවශ්‍ය බැංකු සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට බලපත්‍රලාභී බැංකු වෙත මේවන විට උපදෙස් ලබා දී ඇත.