ශ්‍රී ලංකාව තුළ සීඝ්‍ර ලෙස පැතිරයන කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රෝහල් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සඳහා ආධාර ලබා දෙන ලෙස ගරු රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව රාගම සහ මීගමුව රෝහල් සඳහා කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඉතා අත්‍යවශ්‍යව පවතින කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ලබා දීම මොරටුව විශ්වවිද්‍යාලීය ඉංජිනේරු උපාධිධාරී සංසදයේ (1982/87) සංසදයේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.
එහිදී (CPAP/BiPAP) කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර 03 ක් ප්‍රධානය කෙරුණු අතර මෙම සත්කාරය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, රුහුණ විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයතනයේ ද සහය ඇතිව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ෆින්ලන්තය (ඕලු සහ හෙල්සින්කි), එක්සත් රාජධානිය, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනනපදය, සිංගප්පූරුව ආදී රටවල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වලින්ද විශාල දායකත්වයක් ලැබිණි.
කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර සඳහා ගෝලීය වශයෙන් ඉතා ඉහළ ඉල්ලුමක් පවතින මෙම කාලයෙහි ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවේ රෙස්මඩ් (ResMed)සමාගමේ නිලධාරීන් සමඟ කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සතියක් ඇතුළත සුරක්ෂිතව මෙම (CPAP/BiPAP) කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර 03 ගෙන්වා ගැනීමට හැකි විය.
අනතුරුව කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර මිළදී ගෙන රාගම සහ මීගමුව රෝහල්වල අධ්‍යක්ෂකවරුන් වෙත 01/06/2021 දින මෙම පරිත්‍යාගය සිදු කරන ලදී. එහිදී ඒ පිළිබඳව ඉතාමත් කෘතඥපූර්වකව අදහස් දැක්වූ මීගමුව රෝහලේ විශේෂඥවෛද්‍ය ලක් කුමාර ප්‍රනාන්දු මහතා“කොවිඩ්-19 ට එරෙහි සටනේ තීරණාත්මක උපකරණ වන මෙම කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ඉතාමත් කෙටි කාලයක් තුළ පරිත්‍යාග කිරීම පැසසිය යුත්තක් වගේම අතිශය සතුටුදායක කාරණාවක් බව පැවසීය.මොරටුව විශ්වවිද්‍යාලීය ඉංජිනේරු උපාධිධාරී සංසදය (1982/87) නියෝජනය කරමින් විජිත එදිරිවීර මහතා, රංජිත් සේනාධීර මහතා සහ චන්දන රණසිංහ මහතා ද ඒ මොහොතට සහභාගී විය.