අවුරුද්දක් පාසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර අවුරුදු 05 ක් ඇතුලත අලුත් ව්‍යවසායකයින් මිලියනයක් බිහි කිරීම මෙම ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ ඒකාබද්ධ ජාතික වැඩසටහනේ අරමුණයි.
ඒ හරහා ලක්ෂ 10කට වැඩි සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණයක් උත්පාදනය කිරීම අපේක්ෂාවයි.
මෙහිදී ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට වෙළඳපොළ සැකසීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇත.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර යන මහත්වරුන්, සමෘද්ධි අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර මහතා, ගම සමග පිලිසඳර ග්‍රාමිය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් ඩබ්.එච්.කරුණාරත්න මහතා, ඇතුඵ පළාත් ප්‍රධාන ලේකම්වරු සහ ඒවායේ නියෝජිත නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු අනෙකුත් රාජ්‍ය අමාත්‍යංශ නිලධාරීහු සහභාගි විය.