ඇය මේ බව පැවසුවේ අද දින (09) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති කොවිඩ් රෝගය පිළිබද මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පිටරට සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ගැලපෙන ලෙස සකස් කරමින් එලි දැක්වූ නව නිරෝධායන නීති සැලැස්ම පිළිබදව හදුන්වාදෙමිනි.
සෑම විටම නිරෝධායන ක්‍රියාවලියන් වෙනස් කරනුයේ රටේ සහ ලෝකයේ තත්ත්වය සලකමින් බවද, පිටරට වල විවිධ උපවර්ග ඇතිවී ඇති බවත්, ඒවා වේගයෙන් ව්‍යාප්ත වන බැවින් අපගේ ඥාතීන් දුවාදරුවන් ගෙන්වීමේදී රෝගය පැතිරීම වැළැක්වීමට ආරක්ෂිතව කටයුතු කළ යුතු බවද වෛද්‍යවරිය සිහිපත් කළේය.
පිටරට සිට පැමිණෙන මගීන් හට පැමිණීමට පැය 96කට පෙර පී සී ආර් පරීක්ෂණයක් සිදුකළ යුතු අතර එහි ප්‍රතිඵල සෘණාත්මක (Negative) නම් ඔවුන්ට ගුවන්යානයක නැග පැමිණිය හැකි බවද, මෙලෙස ශ්‍රී ලාංකිකයෙකු පැමිණීමේදී පැය 48කට පෙර සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් වුවද ප්‍රමාණවත් බව වෛද්‍යවරිය පැවසුවාය.
සමහර ගුවන් යානා පැය 72කට පෙර සිදුකළ පී සී ආර් පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා සිටින බැවින් එයට සහ අපේ රටේ තත්ත්වය අනූව සලකමින් පැය 96කට පෙර කළ පීසීආර් පරීක්ෂණ වාර්තාවක් සලකා බලන බවද ඇය කියාසිටියේය.
ප්‍රතිඵල සෘණාත්මක (Negative) වුවද සෑම මගියෙකුම ඕනෑම වෙලාවක රෝගය වැළදිය හැකි බැවින් සැලකිලිමත් වීම වැදගත් බවද, නිරෝධායන ක්‍රියාවලිය සිදුකරන්නේ රෝග ලක්ෂණ නොමැති රෝගය නොවැළදුණු අයට බවද, එසේ කරනුයේ ඔවුන් රෝගයට නිරාවරණය වී ඇතැයි සලකමින් බවත් සිහිපත් කරමින් වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ පී සී ආර් ප්‍රතිඵල සෘණාත්මක (Negative) ලෙස පැමිණියද එම රටේදී හෝ ගුවන් තොටුපොලේදී ආසාදනය විය හැකි බැවින් නියමිත සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමත් නිසි ලෙස මුව ආවරණපැළදීමත් වැදගත් බවයි.
මෙම දින වල පැමිණෙන ගුවන් යානා සදහා මගීන් 75ක් පමණක් රැගෙන ආ හැකි බවට රජය නියම කර ඇති බැවින් ගුවන්යානා අධිකාරීන් වලටද මේ පිළිබදව දන්වා ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍ය දිල්හානි මහත්මිය වාඩිදුරටත් සදහන් කළේ තමන්ගේ වෙන්කර ගැනීම airline එකක් මාර්ගයෙන් සිදුකරගන්නා ලෙසද, තම රටේ එම්බසිය හරහා වැඩි විස්තර ලබාගත හැකි බවයි.
මෙරටට පැමිණෙන මගීන් නිරෝධායන මධ්‍යස්ථානයක හෝ හෝටලයක නිරෝධායනය විය යුතු අතර රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක් අවශ්‍ය නම් ගුවන් තොටුපොලේදී හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානයක් ලබාගත හැකි බවද ඇය පැවසුවාය.
තවත් කණ්ඩායමකට තමන් සිටින රටේදීම ශ්‍රී ලංකා ටුවරිසම් වෙබ් අඩවියට ගොස් හෝටලයක ඉඩ වෙන් කරවාගනිමින් දින 14ක් නිරෝධායනය විය හැකි බවද, සමහර පිරිස් විසින් අනුමත එන්නත් මාත්‍රා ලබාගෙන මෙරටට පැමිණෙන්නන් සදහා යම් සහනයක් ලබාදෙන මෙන් ඉල්ලීම් කළ බැවින් මෙලෙස සුළු වෙනස් කිරීම් කිහිපයක් සිදුකළ බවද, මෙලෙස එන්නත් මාත්‍රා 02ම ලබාගෙන පැමිණියද රෝගය වැළදී ඇතැයි පිටරට දත්තද ඇති බැවින් ආරක්ෂාකාරීව පසුවීම වැදගත් බවද වෛද්‍යවරිය අවධාරණය කළේය.