මේ යටතේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් කොවිඩ් රෝගීන්හට ඔක්සිජන් සැපයීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 5 ක් වටිනා හයිෆ්ලෝ ඔක්සිජන් තෙරපි යන්ත්‍ර 5 ක් එම ව්‍යාපෘතියේ කළමණාකරණ අධ්‍යක්ෂ හවුලියෑන්ග් ජියෑන් (Houliang Jiang ) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කරන ලදී.
ඉන් අනතුරුව රයිනෝ සමුහ ආයතනය විසින් ද රුපියල් මිලියන 10 ක් වටිනා හයිෆ්ලෝ ඔක්සිජන් තෙරපි යන්ත්‍ර 8 ක් රයිනෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා විසින් අමාත්‍යවරිය වෙත භාරදෙන ලදී.
මීට අමතරව ඇමරිකානු ආධාර වැඩපිළිවෙල යටතේ (USAID) සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට කොවිඩ් ප්‍රතිකාර සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂක ඇඳුම් කට්ටල (PPE kits), KN95 මුව ආවරණ (Mask) 240 000 ක් , ඇස් ආවරණ(Goggles) 40 000 ක්, අත් වැසුම් (Gloves) 600 000 වලින් සමන්විත උපකරණ තොගයක් සහ පල්ස් ඔක්සි මීටර් 1200 ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙන ලදී. මෙම උපකරණවල වටිනාකම ඩොලර් මිලියන 6 කට අධික වේ.
ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දුත මණ්ඩල ප්‍රධානී කෙලී මාටින් (Kelly Martin), USAID කාර්යාලයේ අධ්‍යක්ෂ රීඩ් ජේ ඇලිෂ්මන් (Reed J Aeschliman) යන මහත්වරුන් විසින් මෙම ප්‍රදානය සිදු කරන ලදී.
මෙම අවස්ථාවන් වලට එම ආයතන නියෝජනය කරමින් නියෝජිත පිරිසක් එක් වු අතර සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.