මෙරට ආර්ථිකයේ ඉදිරි තත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(11) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව පැවසුවේ මෙරට විදේශ සංචිත හිඟයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට අනුවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ මෙම විදේශ සංචිත ප්‍රමාණය සඳහා චීනයෙන් ලැබුණු ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් වන හුවමාරු ණය, ඉදිරියේදී ඉන්දියාවෙන් සහ බංගලිදේශයෙන් ලැබීමට නියමිත විදේශ හුවමාරු ණය වැනි විදේශ මුදල් සඳහන් කර නොමැති බවයි.
එමෙන්ම විදේශ අපනයන සම්බන්ධයෙන් හා සේවා සැපයීම් මගින් මෙරටට විදේශ මුදල් ලැබීමට නියමිත බවත්, ඉදිරියේදී අපේක්ෂිත ඍජු විදේශ ආයෝජන හරහා මුදල් ලැබීමට නියමිත බවත්, විදෙස් මුදල් සංචිත සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් ඇතිකර නොගත යුතු බවත්, චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි.