ඒ අනුව මෙම කාලසීමාවේ දී ද අත්‍යාවශ්‍ය සේවා එලෙසම ක්‍රියාත්මක බව ද යුද හමුදාපතිවරයා පැවසිය.
අත්‍යාවශ්‍ය ආහාර,ජංගම රථ මඟින් අලෙවි කිරීම්,ඉදිකිරීම් කටයුතු කරන ස්ථානවල කටයුතු එලෙසම කරගෙන යාමටත්,ඇගලුම් හා කර්මාන්තශාලා වැඩකටයුතු කරගෙන යාමටත්,කෘෂි කර්මාන්තයේ නියැලීමටත් අවසර ලබා දී තිබෙන බවත් පැවසීය.
බස්නාහිර පළාතෙන් පිට ගම්මානවල සතියේ එක් දිනක සති පොළ පැවැත්වෙන අතර එම පොළවල්වල ජනතාව විශාල ලෙස ජනතාව එක් රැස් නොවී පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සළසන බවත් ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘතව තැබීමට කටයුතු කරන බවත් එම දින ඉදිරියේ දී දැනුම් දීමට රජය කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය