ඇය මේ බව සදහන් කළේ, (11) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී කොවිඩ් රෝග තත්ත්වය පිළිබදව පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් රෝහල් වල දුරකතන අංක ලබාගත හැකි බවද, අදාල රෝහල අමතා නම ලිපිනය සහ සායන අංකය ලබාදීමෙන් උපරිම මාස 02ක පමණ බෙහෙත් නිවසටම දින කිහිපයක් තුළදී ගෙන්වාගැනීමට හැකි වන බවද වෛද්‍යවරිය පැවසුවාය.
මෙලෙස රෝහල් ඇමතීමේදී කිසියම් ගැටලුවක් මතුවේ නම් ඒ් සදහාද විශේෂිත වූ සෘජු දුරකතන අංක දෙකක්( Hot Line) හදුන්වා දී ඇති අතර ඒ්වානම් සිංහල භාෂාව සදහා 0720720720 හා දෙමළ භාෂාව සදහා 0720606060 යන අංකයන් බව ඇය අවධාරණය කළාය.
මෙම සීජු අංක ඇමතීම මගින් ඒන් සී ටී ඒ්කකයේ වෛද්‍යවරයෙක් සම්බන්ධවී අදාල උපදෙස් හෝ යම් ප්‍රශ්නයක් ඇතිනම් රෝහලට දන්වා ඒම ප්‍රශ්නය විසදා බෙහෙත් ලබාදීමට කටයුතු කරන බවද ඇය කියා සිටියාය.
කොවිඩ් රෝගීන් බහුල වශයෙන් වාර්තා වුණු ප්‍රදේශ වල සායන වලට සහභාගී වන අය සදහා මාස කිහිපයකින් ඔවුන් හට සායන වලට පැමිණීමට නොහැකි වුණු බැවින් mobile clinic ඒනම් ඒම ප්‍රදේශ ආශ්‍රිතව ජංගම සායන පැවැත්වූ බවද, ඒ් හරහා රෝගීන්ගේ රුධිරගත සීනි මට්ටම, රුධිර පීඩනය ආදිය පරීක්ෂා කරමින් බෙහෙත් ලබාදුන් බවද සිහිකරමින් වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි කොළඹ මහ නගරසභා සීමාවේත් විශාල වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වුණු ප්‍රදේශ ආශ්‍රිතවත් මෙම ජංගම සායන පැවැත්වූ බවයි.
Online ක්‍රමයට පෞද්ගලික ෆාමසි වලින් බෙහෙත් ලබාගත් පුද්ගලයන් හටද සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සෑම ෆාමසියකම වට්ස් ඇප්, වයිබර් සහ ඉමෝ අංක ලබාගත හැකි බවත්, ඒම අංක වලට දුරකතන ඇමතුම් ලබා නොදී තම බෙහෙත් තුණ්ඩුව පමණක් යැවීමෙන් අදාල ෆාමසිය විසින් ලිපිනය තහවුරු කර ගැනීම සදහා ඔබව අමතනු ඇතැයිද, ඒ් ඔස්සේ ඔබට අවශ්‍ය බෙහෙත් නිවසට ගෙන්වාගත හැකිවනු ඇතැයිද වෛද්‍යතුමිය පැවසුවාය.
ඔබගේ රෝගී තත්ත්වයේ කුමන හෝ ගැටලුවක් ඇති නම් රෝහලට හෝ සෘජු අංකයට ඇමතීමේදී පවසන ලෙසත් ඒවිට වෛද්‍යවරයෙකු සම්බන්ධවී ඔබව පරීක්ෂා කර බැලීමට අදාල කටයුතු සූදානම් කරනු ඇතැයිද අවධාරණය කළේය.
ඒමෙන්ම මෙම දින වලදී ඇවිදින මංතීරු වල ව්‍යායාම කිරීමට යාම ඒතරම් සුදුසු නැතැයිද, ව්‍යායාම කිරීමට අවශ්‍ය නම් නිවස තුළදී සිදුකරන ලෙසද, ඔබට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආදී කුමන හෝ සුළු රෝගී තත්ත්වයක් පැවතියද ව්‍යායාම සිදු කිරීමෙන් වැළකී මහන්සි නොවී කල්ගෙවන ලෙස වෛද්‍යතුමිය අවධාරණය කළේය.
කොවිඩ් රෝගයෙන් වැඩි වශයෙන් අසාධ්‍ය වනුයේ වැඩිහිටියන්ට සහ බෝ නොවන රෝග ඇති අයට වන බැවින් මෙම සියලු පහසුකම් භාවිතා කරමින් වැඩිහිටියන් සහ බෝ නොවන රෝග ඇති පුද්ගලයින් නිසි අයුරින් තම ප්‍රතිකාර නිසි වේලාවට ලබාගන්නා ලෙසද වෛද්‍යවරිය සිහිපත් කළාය.