පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මාර්ග ගත වීඩියෝ අධ්‍යාපන ක්‍රමවේදය e-තක්සලාව හරහා නොමිලේ (Free Of Data Charge)

    ජූනි 13, 2021

    මාර්ග ගත (Online) අධ්‍යාපන ක්‍රමය විධිමත් කිරීම සදහා වූ සාකච්ඡාවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

    දැනට අන්තර්ජාලය භාවිතා කිරීමේදී ඩේටා සදහා යන අධික වියදම, දුෂ්කර පළාත් සදහා දුරකතන සංඥාවල දුර්වලතා පිළිබඳව මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය සදහා ජංගම දුරකතන මෙවලමක් ලබා දීමේ ක්‍රමවේදයක් පිළිබදව මෙහිදී සාකච්ඡා විය.

    අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන අධ්‍යාපනය සදහා වෙන්වූ රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීම සදහා වූ මූලික කටයුතු සැළසුම් කරන ලෙස මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා විසින් නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදි.

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යන e-තක්සලාව මාර්ග ගත ඉගැන්වීම් වෙබ් පිටුව අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව (Free Of Data Charge) පරිහරණය කිරීමේ අවස්ථාව ලබා දී ඇත. මේ හරහා සියලුම දරුවන්ගේ පාසල් විෂය නිර්දේශය ආවරණය වන පරිදි අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට හැකි බව පෙන්වා දුන්නේය.

    මෙම සාකච්ඡාව සදහා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා, අධ්‍යපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂන ආයතනයේ නිළධාරීන්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිළධාරීන්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ නිළධාරීන් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya