පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    එක්ස්ප්‍රස් පර්ල් නිසා ජීවනෝපාය අහිමි වූ ධීවර පවුල් වලට රුපියල් පන්දහසේ දීමනාව අඟහරුවාදා සිට

    ජූනි 14, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීමෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර පවුල් 9883ට ජූනි (15) සිට රුපියල් 5000 දීමනාව ලබාදෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

    මෙම සිද්ධියට නිසා සෘජුවම ධීවර පවුල්7753ක ආදායම් අහිමි වී ඇති අතර කරවල වේලීම, දැල් බේරීම හා දැල් සැකසීම වැනි වෘත්තීන් වල යෙදුණු පවුල් 2130ක ආදායම් අහිමි වී ඇති බව හඳුනාගෙන තිබේ.

    මේ අතර මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර පවුල් 8033ක්ද, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර පවුල් 1565ක්ද, කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ධීවර පවුල් 247ක්ද, ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර පවුල් 78ක් ද සිටියි.

    ඒ අනුව නෞකාවේ සිද්ධියට අදාළව ජීවනෝපාය අහිමි වූ පවුල 9883ක් සදහා රුපියල් 5000 දීමනාව ලබා දීමට රුපියල් 49415000ක මුදලක් රජය වෙන් කර තිබේ.

    නෞකාවේ සිද්ධිය නිසා ජීවනෝපාය අහිමි වූ ධීවර ජනතාව සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විනි. මෙම ධීවර ජනතාවට හැකි ඉක්මනින් සහන සැලසීම අවශ්‍ය බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය අමාත්‍ය මණ්ඩල හමුවේදී අවධාරණය කල අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හැකි ඉක්මනින් ධීවර ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya