නාවික හමුදාව විසින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී බහුදින ධීවර යාත්‍රාවක් මඟින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට රැගෙන විත් පසුව ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් වැලිගම, පොල්වතුමෝදර ප්‍රදේශයෙන් ගොඩබිම වෙත ප්‍රවාහනය කර සැඟවීමට උත්සාහ කළ උර සහ ගෑස් සිලින්ඩර තුළ සූක්ෂම ලෙස අසුරා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 219 ග්‍රෑම් 800ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. මෙහිදී බහුදින ධීවර යාත්‍රාවක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ එම යාත්‍රාවන්හි සිටි ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට නාවික හමුදා භාරයට ගන්නා ලද බහුදින ධීවර යාත්‍රාව 2021 මැයි මස 11 වන දින මාතර, කොට්ටේගොඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාව වෙත ලබා ගන්නට ඇතැයි සැක කෙරේ. එමෙන්ම නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ විථි වටිනාකම රුපියල් මිලියන 1758කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 43 අතර වයසේ පසුවන වැලිගම, අහංගම, දික්වැල්ල, කොට්ටේගොඩ, ඉහළවත්ත, මිරිස්ස, පොල්වතුමෝදර සහ පිළියන්දල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, එම සැකකරුවන් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකරමින් පවතී.